සියල්ල

Wednesday, August 5, 2015

Android වල තියන කුණුුගොඩවල් අයින් කරමු


ඇන්ඩ්රොයිඩ් එකේ තියෙන කුනුගොඩවල් අයින් කරමු(duplicate file finder )ඔන්න අදත් ආව මචං සුප්පා භාණ්ඩයක් අරන්.
දැන් ඔයාලගෙ පෝන් මෙමරියෙ හරි චිප් එකේ හරි තියෙනවනෙ මචං එක පොටෝ එකගොඩක් තැන්වල එහෙම නැත්නම් වීඩියෝ ඕඩියෝ මොනවහරි එකම දේ ගොඩක් තැන් වලට කොපි වෙලාතියෙනවනෙ සමහර විට අපිවත් නොදැන එහෙම තියෙනවා.
ඒකෙන් වෙන්නෙ අනවශ්ය විදියට අපේ මෙමරි එක ෆුල් වෙන එක අනික අත්යවශ්ය හේතුවකට මිස එහෙම කොපි තියාගෙන වැඩකුත් නෑනෙ ඒත් ඉතින් අපි ඕවා එකින් එක හොයල අයින් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවනෙ.
ඉතින් ඕකට විසඳුමක් අරන් තමා අද අපි ආවෙ.තියෙන ඩුප්ලිකේට් ෆයිල් ටික අයින් කරල දාල ඒ ඉඩෙන් වැදගත් දෙයකට යොදාගන්න තමා තියෙන්නෙ.ඔයාලට කරන්න තියෙන්නෙ මේකයි මම දෙන ඇප් එක පෝන් එකට ඉන්ස්ටෝල් කරන් ඕපන් කරාට පස්සෙ මැද තියෙන රවුම(අත් කාචය සහිත) ක්ලික් කරල බලන් ඉන්න.ඊට පස්සෙ රවුමකැරකි කැරකි පෝන් එකේ තියෙන සියලු ඩුප්ලිකේට් ෆයිල් හොයල photo,video,audio,other විදියටවෙන වෙනම පෙන්නයි ඒක තියෙන ස්තානය ඇතුලු සියලු විස්තර සමග.දැන් ඔයාලට තියෙන්නෙ ඉවත් කල යුතු ෆයිල් මාර්ක් කරල එක ක්ලික් එකෙන් ඉවත් කරල දාන්න තමා.පහල තියෙන පෝටෝ ටිකත් බලලම ඇප් එක බාගන්නකෝ.







පොටෝ ටික බැලුවාම තවත් හොඳ ටතේරෙන්න ඇති කියල හිතනවා.කතා ඇති එහෙනම් ඔන්න ලින්ක් එක පහලින් දැම්මා ගිහින් බාගන්නකෝ අවුලක් වුනොත් පහලින් කොමෙන්ට් එකක් දාන්න





Tuesday, August 4, 2015

Bootloader කියන්නෙ මොකක්ද??


Bootloader කියන්නේ මොකද්ද ?ඕගොල්ලෝ ඇන්ඩ්රොයිඩ් ලෝකෙටආපු ගමන් ම එක එක අමුතු වචන අපිට දැනගන්න ලැබෙනවා. සමහර වචන අපි මීට කලින් පරිගණක භාවිතයේ දී එහෙම යොදාගත්තේ නැති වචන පවා ඇන්ඩ්රොයිඩ් වලදී භාවිත වෙනවා. රූට් කරනවා කියයි, කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරා කියයි ආය තවකවුරුහරි කියයි බූට් ලෝඩර් එක අන්ලොක් කරා කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල තියන බූට් ලෝඩර් එක ගැන.

Bootloader යනු කුමක්ද ?බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්රියාත්මක වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙමවැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස් වේ. එනම් එක ප්රොසෙසරයකට ලියූ බූට් ලෝඩර් වැඩසටහනක් වෙනත් ප්රොසෙසර් සමග ක්රියාත්මක නොවේ.

 විවිධ ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත් ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම් නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත් මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි. මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.

Android Bootloadersසෑම අන්ඩ්රොයිඩ් ෆෝන් එකක්ම බූට් ලෝඩරයකින් සමන්විත වන අතර, මෙමගින් සාමන්ය පරිදි මෙහෙයුම් පද්ධතිය බූට් කරනු ලබයි. නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි කලින් කීවා වගේම ඇන්ඩ්රොයිඩ් ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් වන අතර මෙය විවිධ හාඩ්වෙයා පහසුකම් සහිත දුරකථන වල දැක ගත හැකියි. මෙම හේතුව නිසා නිශ්පාදකයින් විසින් ඒ ඒ දුරකථන වල ඇති හාඩ්වෙයා ස්පෙසිෆිකේශන් වලට අදාල බූට් ලෝඩර් සපයා ඇත.

Bootloader එක Lock කර ඇත්තේ ඇයි ?ඇන්ඩ්රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනයකිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).

අවසාන වශයෙන්සෝනි එරික්සන් දුරකථන වල කස්ටම් රොම් දැමීමට සහ රූට් කිරීමට බූට් ලෝඩරය අගුලු ඇරීමට අත්යවශ්ය වුවත් ඇතැම් සැම්සුන් දුරකථන වල බූට් ලෝඩරය අන්ලොක් කිරීමෙන් තොරව මෙම කටයුතු කරගත හැකියි.බූට් ලෝඩරය අන්ලොක් කිරීම සෙටින්ග්ස් රීසෙට් කිරීම වැනිම වූ ක්රියාවලියකි. එනම් දුරකථනයේ ඇති දත්ත සියල්ල මැකී යයි.සහ වගකීම් සහතිකය අවලංගු වේ.ක්රියාවලිය අතරතුර බ්රික් වීමේ කුඩා අවදානමක් ඇත.


Monday, August 3, 2015

SD කාඩ් එකෙන් Delete වුන file ආපහු ගමු


හලෝ මචංල කොහොමද ඉතින් ඔන්නා අරං ආවා අදත් සුපිරි ඇප් එකක්.
අපේ Phone එකේ තියෙන සමහර Files විවිධ අවස්ථාවලදී අපි Delete කරනවනේ. සමහර ඒවා වැරදිලා Delete වෙනවා. ඒත් ඉතිං ඔය Deleteකරපුවා අයේ ඕන උනොත් මොකද කරන්නේ....

Computer එකට නම් Data Recovery කරන Software ඕනතරම් තියෙනවනේ.ඒත් Phone එකට....බvයවෙන්න එපා Android Phone එකටත් එහෙම App තියෙනවා.

ඒවිදිහේ App එකක් තමයි මම අද දෙන්නේ. එක දෙයක් කියන්න ඕන.... මේ App එක භාවිතා කරල Data Recovery කරන්න නම් ඔයාගේ Phone එක අනිවාර්යයෙන්ම Root කරල තියෙන්න ඕන. 

 අපේ Root කිරීම ගැන Post එක බැලුවෙ නැත්තන් මෙතනින් ඒක බලලා Phone එක Root කරගන්න.

හරි දැන් මුලින්ම පහල තියෙන ඇප් එක බාගන්නකෝ.


දැන් App එක Install කරල Open කරගන්න.

Open කරද්දිම පහල විදිහට එයි.ඒකෙන් අපිට Data Recovery කරන්න ඕන මොකේද කියල තෝරන්න. 
ඒකිව්වේ Phone ( Sd card ) එකේද Chip ( ext-sd card ) එකේද කියල..ext-sd card එක පෙන්නුවෙ නැත්තන් Refresh List කරන්න.

Device එක තේරුවට පස්සේ Scan Device කරන්න.


 දැන් ටික වෙලාවක් මෙන්න මේ වගේ SCAN වෙයි.ඉවසල ඉන්න.


 Scan උනාට පස්සේ Delete කරපු File මේවගේ පෙන්නයි. ( Images වල නම්Preview එකකුත් පෙන්නනවා.)වගෙන් අපිට අවශ්ය File Mark කරල Save to local කරන්න. ඊටපස්සේ Sd card එකට ගිහින් බලන්න. Files Save වෙලා ඇති.