සියල්ල

Monday, September 14, 2015

ඇන්ඩ්රොයිඩ් ගැන දැනගමු. (1 වන කොටස)


අපි හැමෝම ඇන්ඩ්රොයිඩ් ගැන දැන් අහලා
තියෙනවා. සමහරු ඇන්ඩ්රොයිඩ් ගැන දන්නවා.
තවත් සමහරු දන්නවා වගේ පෙන්නනවා. හරි
හරි. ඒ ඔක්කොටම ඇන්ඩ්රොයිඩ් වැඩකාරයෝ
වෙන්න පුළුවන්. මම මේ ට්රයි කරන්නේ ඔයාලට
ඇන්ඩ්රොයිඩ් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න.
එතකොට ඔයාටත් යාළුවෝ එක්ක පස්සට නොයා
ඇන්ඩ්රොයිඩ් ගැන කතා කරන්න පුළුවන්.
ඉස්සර අපි පාවිච්චි කරපු නොකියා, මොටරෝලා,
සැම්සුන් ෆෝන් වල ඇන්ඩ්රොයිඩ් තිබුන්නෑ. නේද?
ඒවට අපි කියන්නේ මොබයිල් ෆෝන්. නමුත්
ඇන්ඩ්රොයිඩ්, ඇපල් වගේ ෆෝන් වලට අපි කියන්නේ
ස්මාට් ෆෝන්. අපි මුලින් බලමු මොනාද මේ ස්මාට්
ෆෝන් කියලා.
මොනාද මේ ස්මාට් ෆෝන්?
____________________________
ඇත්තටම ස්මාට් ෆෝන් කියන්නේ කම්පියුටර්. කුඩා
කළ පරිඝණක. පරිඝණකයක තියෙන අභ්යන්තර
උපාංග හැම එකක්ම වගේ ස්මාට් ෆෝන් එකක
අන්තර්ගත කරලා තියෙනවා. උදාහරණය ලෙස
ප්රොසෙසර් එකක්, රැම් එකක්, හාඩ් ඩිස්ක් එකකට
සමාන Storage Device එකක්. වගේ බොහෝ දේ..
ස්මාට් ෆෝන් පරිඝණකයකින් වෙනස් වෙන්නේ එහි
උපාංග වල ප්රමාණයෙන් තමයි. සාක්කුවේ දාන්
යන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ.
අද කාලේ හැමෝටම පරිඝණක ගැන දැනුමක්
තියෙනව නේ. මම ඇන්ඩ්රොයිඩ් ගැන උගන්නන්න
පරිඝණක පිළිබඳ දැනුම පාවිච්චි කරන්නම්. හොඳයි.
ඔයාලා ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි
කඩෙන් ගත්ත ගමන් මොකක්ද කරන්නෙ? වින්ඩෝස්
දානවා?? ඔව් වින්ඩෝස් දාන්න ඕන නෙ. නැත්නම්
කම්පියුටර් එකෙන් / ලැප් එකෙන් වැඩ කරන්න බෑ.
ගේම් ගහන්නත් බෑ, ටයිප් කරන්නත් බෑ නිකන්
ඉලෙක්ට්රොනික් බඩු ගොඩක් විතරයි. සමහර ලැප් /
පරිඝණක ගන්නකොටම වින්ඩෝස් දාලා තියෙනවා.
නැතිනම් උබුන්ටු. ඩෙල් ලැප් වල කඩෙන් ගද්දි
තියෙන්නේ උබුන්ටු නේද? ඔව් ගොඩක් ඩෙල්
ලැප් එන්නේ උබුන්ටු එක්ක. අපි වින්ඩෝස් ගහනවා
පස්සේ.
මොනාද මේ වින්ඩෝස් ? මොනාද මේ උබුන්ටු ?
_____________________________________________
_____
වින්ඩෝස්, උබුන්ටු කියන්නේ මෙහෙයුම් පද්ධති.
මොනාද යකෝ මෙහෙයුම් පද්ධති? හරි හරි හිටාන්
මෙහෙයුම් පද්ධතියක් ඕන කම්පියුටර් එකකින්
වැඩ ගන්න. කම්පියුටර් එකක් කඩෙන් උස්සන් ඇවිත්
අපි වින්ඩෝස් දාන්නේ ඒකයි. මෙහෙයුම් පද්ධතියක්
මඟින් කරන්නේ පරිඝණකයේ දෘඪාංග ඒමත්
නැත්නම් පරිඝණකයේ ඇතුළත කොටස් පාලනය කරන
එක. ඒ වගේම ඒ කොටස් අපිට ඕන හැටියට
පාලනය කරන්න උදව් කරන එක. අපි ගේම් එකක්
ගහද්දී ගේම් එක රන් කරවන්නේ මෙහෙයුම්
පද්ධතිය. එතකොට ඒ වගේමයි අපි මයික්රෝසොෆ්ට්
ඔෆිස් වර්ඩ් ඕපන් කරන් ලියුමක් ටයිප් කරද්දී ඒක
කරන්න උදව් කරන්නේ මෙහෙයුම් පද්ධතිය.
කෙටියෙන්ම කියනවා නම් මෙහෙයුම් පද්ධතියක්
නැතිව අපිට කිසි වැඩක් කරගන්න බෑ. මෙහෙයුම්
පද්ධතියක් නැති කම්පියුටර් එකක් මැරිච්ච මිනිහෙක්
වගේ. නිකම් බොඩිය විතරයි
උබුන්ටු කියන්නේත් ඒ වගේම මෙහෙයුම් පද්ධතියක්
තමයි. වින්ඩෝස් වගේම තවත් එක් මෙහෙයුම්
පද්ධතියක්. අපිට පුළුවන් වින්ඩෝස් ගහන්නේ නැතිව
උබුන්ටු ගහන්න ලැපකට, කම්පියුටර් එකකට.
එතකොටත් අපිට ගේම් ගහන්න, වැඩක් කරගන්න,
ඉන්ටර්නෙට් යන්න පුළුවන්. තවත් මේ වගේ ගොඩක්
මෙහෙයුම් පද්ධති ලෝකයේ තියෙනවා. නොමිලේ
වගේම මුදලටත් අරගෙන අපිට ඒවා අපේ
පරිඝණක වල දාගෙන වැඩ කරගන්න පුළුවන්.
එතකොට මොකක්ද ඇන්ඩ්රොයිඩ් කියන්නේ?
_____________________________________________
_
අපි මුලින් කතා කරපු හැටියට ස්මාට්ෆෝන්
කියන්නෙත් පරිඝණක නෙ. පරිඝණක වලින් වැඩ ගන්න
මොකක්ද ඕන?? මතකද දැන් ඈ? මෙහෙයුම්
පද්ධතියක් ඕන නෙ? ආ... අන්න හරි ඇන්ඩ්රොයිඩ්
කියන්නේ අන්න එහෙම මෙහෙයුම් පද්ධතියක්.
හැබැයි ඒක විශේෂයෙන් සැලසුම් කරලා
තියෙන්නේ ස්මාට් ෆෝන් වෙනුවෙන්. මෙහෙයුම්
පද්ධතියක් නැත්නම් පරිඝණකයකින් වැඩක් නෑ
වගේම මෙහෙයුම් පද්ධතියක් නැත්නම් ස්මාට් ෆෝන්
එකත් නිකන් ගඩොලක් විතරයි. අඹ කඩන්න, බල්ලන්ට
ගහන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. ස්මාට්
ෆෝන් එකෙන් කෝල් ග්න්න, ෆේස්බුක් එන්න, ගේම්
ගහන්න, ටීට් ටීට් බලන්න වගේ ඒවා කරන්න නම්
මෙහෙයුම් පද්ධතියක් ඕන. ඇන්ඩ්රොයිඩ් කියන
මෙහෙයුම් පද්ධතිය ස්මාට් ෆෝන් වලට දාන්නේ
ආන්න ඒකයි.
ඉස්සර ආව පොඩි ෆෝන් වලත් මෙහෙයුම් පද්ධතියක්
තිබුණා කිව්වොත්?? ඔව් අනිවාර්යයෙන්ම තිබුණා.
ඒක එම්බඩඩ්. ඒ කිව්වේ ඒ ෆෝන් වෙනුවෙන්ම හදපු,
ෆෝන් එක කර්මාන්ත ශාලාවේ හදද්දී දෘඩාංග
කොටස් වලට ඇතුළත් කරපු බොහොම පුංචි
මෙහෙයුම් පද්ධතියක්. Embedded System එකක්
කිව්වොත් හරි. ඒත් අපේ මාතෘකාව ඇන්ඩ්රොයිඩ්
නිසා ඉස්සර පුංචි ෆෝන් හලලා ස්මාට් ෆෝන් ගැන
කතා කරමු. තවත් ලිපියකින් හමු වෙන තුරු
නවතින්නම්. ඇන්ඩ්රොයිඩ් 2 ලිපියෙන් මුණගැහෙමු.

SMART ෆෝන් වල බැටරිය පුපුරන්නේ ඇයි???


උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි
පුපුරනව බය වෙන්න එපා, රත් වුණොත් තමා
පුපුරන්නෙ. ඒ ඇයි?
අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක්
ඉගෙනගමු.
(දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා
තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කියවන්න
එපා)
.
ලිතියම් අයන් බැටරි කියලා තමා ඕවට කියන්නෙ.
යාන්තම් විද්යා විශයයක් අතගාපු සූ කොල්ලොත්
දන්නව බැටරියට අග්ර දෙකක් තියෙනවා, එකක්
ඇනෝඩය (ධන) අනික කැතෝඩය (සෘණ). අපි බලමු
ලිතියම් අයන් බැටරි ඇතුළ කොහොමද, මොනාද
තියෙන්නෙ කියලා.
.
ලිතියම් අයන් බැටරි වල ඇතුළේ ඇනෝඩය සහ
කැතෝඩය වෙන් කරන්නේ සන්නායක තරලයකින්
ඒ කිව්වේ කරන්ට් එක යන දියරයක් බං.
(විච්ඡේද්ය) ඔය බැටරි අස්සේ තියෙනවා නිකල්,
කොබෝල්ට් , මැංගනීස්, ඔක්සිජන් වගේ මූලද්රව්ය.
හරිය?
.
අලුත් බැටරි වල (අලුතින් එන ඒවගෙ බං)
බැටරියේ උෂ්ණත්වය මනින අනන් මනන් සර්කිට්
පවා ඔය බැටරියෙ තියෙනවා. ඒවා වැඩක් නෑ
මෙතනට.
.
කොහොමද ලිතියම් අයන් බැටරි චාජ් වෙන්නෙ?
.
ඕක චාජ් වෙද්දි වෙන්නෙ, විද්යුතය විසින්
කැතෝඩයෙන් ග්රැෆයිට් ස්ථර වලින් හදපු
ඇනෝඩයට ලිතියම් අයන් අණු යවන එක. ඒ යවන්නෙ
අයන් මිශ්ර විද්යුත් විච්ඡේද්ය දියරය හරහා.
විද්යුත් විච්ඡේද්ය කියන්නේ ඇනෝඩයයි කැතෝඩයයි
ඔබන දියරයට කියලා ටිකක් මතක ඇති. (ඕ ලෙවල්
සයන්ස් ඈ. මතකයි නම් හොඳයි මතක නෑ නම් ඒත්
හොඳයි )
.
බැටරිය බහිද්දි වෙන්නෙ අර ඇනෝඩයට ගිය
ලිතියම් අයන් අණු ටික ආපහු කැතෝඩයට යන එක.
තේරුන්නෑ නෙ? හා කමක් නෑ.
.
දැන් පේනවනෙ මේක චක්රීය ක්රියාවලියක්. චාජ්
වෙද්දි ලිතියම් අයන් අණු ටික ඇනෝඩයට යනව,
බහිද්දි ආපහු කැතෝඩයට යනව. ඔහොම චක්ර සීමිත
ගාණක් තියෙනවා. ඒ ගාණ පැන්නම ඒ බැටරිය
අල්ලලා විසි කරන්න වෙනව
.
බැටරියක් බාගෙට චාජ් වුණාම ගලවලා විසි
කරන්න හදන්න එපා. ෆුල් චාජ් වෙන්න දෙන්න.
මොකද නැත්නම් ඔයාගෙ බැටරියේ ආයු කාලය අඩු
වෙනවා. බාගෙට චාජ් කරත් ඒක එක චක්රයක්
විදිහට තමයි ගොඩක් බැටරි වලට යන්නෙ.
.
ඇයි බැටරි ඉදිමෙන්නෙ?
.
දැකලා ඇති නෙ? බබා හම්බෙන්න වගේ බඩ ආව
බැටරි. බඩ එද්දි අපි දන්නව බැටරියට බබා
හම්බෙන්න වැඩි කල් නෑ කියලා නේ? බලමුකො
ඇයි මේ බබා හම්බෙන්න වගේ බඩ එන්නෙ කියලා.
.
බැටරි ඉදිමෙන්නෙ, ඇතුළත එතේන්, හයිඩ්රජන් හා
ඔක්සිජන් වගේ වායු පිරීම නිසා මේ සේරම වහා
ගිණිගන්නා සුළු වායු. සුටුස් ගාලා පත්තු වෙනව ඔව්
මේ වායු හැදෙන්නේ විද්යුත් විච්ඡේද්ය
ඔක්සිකරණයට ලක්වීම නිසා. (අනේ මය අම්මලා
ඔක්සිකරණය බලාගනිල්ලා පොත් අරන් ) මේ
ඔක්සිකරණය වෙන්න හේතු තමා
.
*) Overcharging - ෆුල් චාජ් වුණාම ගලවන්න ඕන.
අලුත් බැටරි වල ස්වයංක්රීයව මේක වැඩ.
ගලවන්න අවශ්ය නෑ. ඒත් ගෙම්බා චාජර්
(දන්නවනෙ?) වල ඕෆ් වෙන අයිටම් නෑ. ඒ නිසා
ඔවර්චාජ් වෙලා බබා හම්බෙන්න ලන් වෙනවා
.
*) Faulty Batteries - ෆෝන් එකට ගැලපෙන්නේ
නැති බැටරි පාවිච්චි කිරීම. අනිවා බබා තමා
.
*) Faulty Chargers - බැටරියට ගැලපෙන්නෙ නැති
චාජර් වලින් චාජ් කරාමත් බබා හම්බෙන්න ලන්
වෙනව
.
දැන් මය පුතාලට පේනවා ඉදිමුණ බැටරි අස්සේ
තියෙන්නෙ ගිණි ඇවිලෙන සුළු වායු. බබා හම්බෙන්න
ළග බැටරි පාවිච්චි කරන්න කලින් අන්තිම කැමැත්ත
එහෙම ලියලා ලෝයර් ට ගිහින් දෙන්ට ඈ?
.
ඇයි බැටරි පුපුරන්නෙ?
.
බැටරි පුපුරන්න හේතු තමා අභ්යන්තර පරිපථ
කොටස් ෂෝට් වීම (ලුහුවත් වීම) එතනදි වෙන්නේ
රසායනික ප්රතික්රියාවක් වැරදියට වෙන එක.
බොහොම සීඝ්රයෙන් අර මම කලින් කිව්ව ගිණිගන්නා
සුළු වායු බැටරිය ඇතුළේ පිරිලා පුපුරලා යන්න
පුළුවන්.
.
ඇත්තටම මේ වගේ ෂෝට් වීමකට මුල බොහෝ විට
රත් වීම තමා. එහෙමත් නැතිනම් වැරදි ලෙස
ස්ථාපිත බැටරියක් පුපුරලා යන්න පුළුවන්. අනන්
මනන් ගහන්න එපා ඔය බැටරි පින් අස්සේ ඈ.
පුපුරලා යයි මං හෙම දන්නෑ
.
ඇයි එතකොට මේ කට්ටිය කියන්නේ චාජර් එක ගහන්
කෝල් ගන්න එපා කියලා?
.
ඒකට හේතුව හරි පැහැදිලියි. කෝල් එකක් ගද්දි
වෙන විද්යුත් චුම්බක තරංග සම්ප්රේෂණයට ලොකු
විදුලියක් බැටරියෙන් ඇදලා ගන්නව. එතකොට
බැටරිය යම්තාක් දුරට රත් වෙනව, චාජ් වෙද්දිත්
බැටරිය රත් වෙනව. එතකොට චාජ් වෙද්දි වෙන
රත් වීමයි, කෝල් එක නිසා වෙන රත් වීමයි රත් වීම්
දෙකයි, බුම් තමා අනික කෝල් ගද්දි අපි ෆෝන්
එක තියන්නේ කණ ගාව නෙ. ඒ කියන්නේ ඔළුව
මනුස්සයෙක්ගෙ වටිනාම අවයවය තියෙන තැන.
අන්න ඒකයි කියන්නේ චාජර් එකට ගහන් කෝල් ගන්න
එපා කියලා.
චාජර් එකට ගහන් කොච්චර මල් කැඩුවත් කමක් නෑ
බැටරිය රත් වෙන්නෙ නැත්නම්. (චාජර් එක ගහන්
වැඩ කරාට කමක් නෑ කියලා මේ කියන්නෙ,
හැබැයි කෝල් ගද්දි නම් පුතා අනිවා රත් වෙනව.
පුපුරලා ගියොත් ඊළග ආත්මෙට ටිකට් හම්බෙයි)
.
දැන් ඔයාලට තේරෙනව ඇති ඉදිමපු බැටරියක්
පුපුරා යාමේ ඉඩකඩ වැඩි. මොකද ඉදිමලා
කියන්නේ ඒ වෙද්දිත් අර වායු පිරිලා තියෙන්නෙ.
තව ටිකක් පිරුණ ගමන් පිපිරීම ඇති වෙන්න පුළුවන්.
දැන් ඇති... හම්මේ... මහන්සි මහන්සි යකෝ ලොකු
ලෙක්චර් එකක්...
.
මේක ලියන්න හිතුවෙ ගොඩක් අය කියන විකාර කතා
නිසා. ඇත්තටම ලිතියම් අයන් බැටරි ගැන එක එක
මිථ්යා අදහස් තියෙනවා ඒවා අමූලික බොරු.
මිථ්යාවෙන් මිදිලා විද්යාවට අරගෙන උඹලගෙ
ඔළු ගෙඩි ටික බැටරි වලින් බේරගන්නයි ලිව්වෙ.
මේවා ලිව්වට සල්ලි හම්බෙන්නෑ නෙ නේද? ඒ
නිසා කමෙන්ට් එකක් වත් දාපල්ලා. එහෙනම්..
ආයෙ හම්බවෙමු...