අපි හැමෝම ඇන්ඩ්රොයිඩ් ගැන දැන් අහලා
තියෙනවා. සමහරු ඇන්ඩ්රොයිඩ් ගැන දන්නවා.
තවත් සමහරු දන්නවා වගේ පෙන්නනවා. හරි
හරි. ඒ ඔක්කොටම ඇන්ඩ්රොයිඩ් වැඩකාරයෝ
වෙන්න පුළුවන්. මම මේ ට්රයි කරන්නේ ඔයාලට
ඇන්ඩ්රොයිඩ් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න.
එතකොට ඔයාටත් යාළුවෝ එක්ක පස්සට නොයා
ඇන්ඩ්රොයිඩ් ගැන කතා කරන්න පුළුවන්.
ඉස්සර අපි පාවිච්චි කරපු නොකියා, මොටරෝලා,
සැම්සුන් ෆෝන් වල ඇන්ඩ්රොයිඩ් තිබුන්නෑ. නේද?
ඒවට අපි කියන්නේ මොබයිල් ෆෝන්. නමුත්
ඇන්ඩ්රොයිඩ්, ඇපල් වගේ ෆෝන් වලට අපි කියන්නේ
ස්මාට් ෆෝන්. අපි මුලින් බලමු මොනාද මේ ස්මාට්
ෆෝන් කියලා.
මොනාද මේ ස්මාට් ෆෝන්?
____________________________
ඇත්තටම ස්මාට් ෆෝන් කියන්නේ කම්පියුටර්. කුඩා
කළ පරිඝණක. පරිඝණකයක තියෙන අභ්යන්තර
උපාංග හැම එකක්ම වගේ ස්මාට් ෆෝන් එකක
අන්තර්ගත කරලා තියෙනවා. උදාහරණය ලෙස
ප්රොසෙසර් එකක්, රැම් එකක්, හාඩ් ඩිස්ක් එකකට
සමාන Storage Device එකක්. වගේ බොහෝ දේ..
ස්මාට් ෆෝන් පරිඝණකයකින් වෙනස් වෙන්නේ එහි
උපාංග වල ප්රමාණයෙන් තමයි. සාක්කුවේ දාන්
යන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ.
අද කාලේ හැමෝටම පරිඝණක ගැන දැනුමක්
තියෙනව නේ. මම ඇන්ඩ්රොයිඩ් ගැන උගන්නන්න
පරිඝණක පිළිබඳ දැනුම පාවිච්චි කරන්නම්. හොඳයි.
ඔයාලා ලැප් එකක් හරි කම්පියුටර් එකක් හරි
කඩෙන් ගත්ත ගමන් මොකක්ද කරන්නෙ? වින්ඩෝස්
දානවා?? ඔව් වින්ඩෝස් දාන්න ඕන නෙ. නැත්නම්
කම්පියුටර් එකෙන් / ලැප් එකෙන් වැඩ කරන්න බෑ.
ගේම් ගහන්නත් බෑ, ටයිප් කරන්නත් බෑ නිකන්
ඉලෙක්ට්රොනික් බඩු ගොඩක් විතරයි. සමහර ලැප් /
පරිඝණක ගන්නකොටම වින්ඩෝස් දාලා තියෙනවා.
නැතිනම් උබුන්ටු. ඩෙල් ලැප් වල කඩෙන් ගද්දි
තියෙන්නේ උබුන්ටු නේද? ඔව් ගොඩක් ඩෙල්
ලැප් එන්නේ උබුන්ටු එක්ක. අපි වින්ඩෝස් ගහනවා
පස්සේ.
මොනාද මේ වින්ඩෝස් ? මොනාද මේ උබුන්ටු ?
_____________________________________________
_____
වින්ඩෝස්, උබුන්ටු කියන්නේ මෙහෙයුම් පද්ධති.
මොනාද යකෝ මෙහෙයුම් පද්ධති? හරි හරි හිටාන්
මෙහෙයුම් පද්ධතියක් ඕන කම්පියුටර් එකකින්
වැඩ ගන්න. කම්පියුටර් එකක් කඩෙන් උස්සන් ඇවිත්
අපි වින්ඩෝස් දාන්නේ ඒකයි. මෙහෙයුම් පද්ධතියක්
මඟින් කරන්නේ පරිඝණකයේ දෘඪාංග ඒමත්
නැත්නම් පරිඝණකයේ ඇතුළත කොටස් පාලනය කරන
එක. ඒ වගේම ඒ කොටස් අපිට ඕන හැටියට
පාලනය කරන්න උදව් කරන එක. අපි ගේම් එකක්
ගහද්දී ගේම් එක රන් කරවන්නේ මෙහෙයුම්
පද්ධතිය. එතකොට ඒ වගේමයි අපි මයික්රෝසොෆ්ට්
ඔෆිස් වර්ඩ් ඕපන් කරන් ලියුමක් ටයිප් කරද්දී ඒක
කරන්න උදව් කරන්නේ මෙහෙයුම් පද්ධතිය.
කෙටියෙන්ම කියනවා නම් මෙහෙයුම් පද්ධතියක්
නැතිව අපිට කිසි වැඩක් කරගන්න බෑ. මෙහෙයුම්
පද්ධතියක් නැති කම්පියුටර් එකක් මැරිච්ච මිනිහෙක්
වගේ. නිකම් බොඩිය විතරයි
උබුන්ටු කියන්නේත් ඒ වගේම මෙහෙයුම් පද්ධතියක්
තමයි. වින්ඩෝස් වගේම තවත් එක් මෙහෙයුම්
පද්ධතියක්. අපිට පුළුවන් වින්ඩෝස් ගහන්නේ නැතිව
උබුන්ටු ගහන්න ලැපකට, කම්පියුටර් එකකට.
එතකොටත් අපිට ගේම් ගහන්න, වැඩක් කරගන්න,
ඉන්ටර්නෙට් යන්න පුළුවන්. තවත් මේ වගේ ගොඩක්
මෙහෙයුම් පද්ධති ලෝකයේ තියෙනවා. නොමිලේ
වගේම මුදලටත් අරගෙන අපිට ඒවා අපේ
පරිඝණක වල දාගෙන වැඩ කරගන්න පුළුවන්.
එතකොට මොකක්ද ඇන්ඩ්රොයිඩ් කියන්නේ?
_____________________________________________
_
අපි මුලින් කතා කරපු හැටියට ස්මාට්ෆෝන්
කියන්නෙත් පරිඝණක නෙ. පරිඝණක වලින් වැඩ ගන්න
මොකක්ද ඕන?? මතකද දැන් ඈ? මෙහෙයුම්
පද්ධතියක් ඕන නෙ? ආ... අන්න හරි ඇන්ඩ්රොයිඩ්
කියන්නේ අන්න එහෙම මෙහෙයුම් පද්ධතියක්.
හැබැයි ඒක විශේෂයෙන් සැලසුම් කරලා
තියෙන්නේ ස්මාට් ෆෝන් වෙනුවෙන්. මෙහෙයුම්
පද්ධතියක් නැත්නම් පරිඝණකයකින් වැඩක් නෑ
වගේම මෙහෙයුම් පද්ධතියක් නැත්නම් ස්මාට් ෆෝන්
එකත් නිකන් ගඩොලක් විතරයි. අඹ කඩන්න, බල්ලන්ට
ගහන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. ස්මාට්
ෆෝන් එකෙන් කෝල් ග්න්න, ෆේස්බුක් එන්න, ගේම්
ගහන්න, ටීට් ටීට් බලන්න වගේ ඒවා කරන්න නම්
මෙහෙයුම් පද්ධතියක් ඕන. ඇන්ඩ්රොයිඩ් කියන
මෙහෙයුම් පද්ධතිය ස්මාට් ෆෝන් වලට දාන්නේ
ආන්න ඒකයි.
ඉස්සර ආව පොඩි ෆෝන් වලත් මෙහෙයුම් පද්ධතියක්
තිබුණා කිව්වොත්?? ඔව් අනිවාර්යයෙන්ම තිබුණා.
ඒක එම්බඩඩ්. ඒ කිව්වේ ඒ ෆෝන් වෙනුවෙන්ම හදපු,
ෆෝන් එක කර්මාන්ත ශාලාවේ හදද්දී දෘඩාංග
කොටස් වලට ඇතුළත් කරපු බොහොම පුංචි
මෙහෙයුම් පද්ධතියක්. Embedded System එකක්
කිව්වොත් හරි. ඒත් අපේ මාතෘකාව ඇන්ඩ්රොයිඩ්
නිසා ඉස්සර පුංචි ෆෝන් හලලා ස්මාට් ෆෝන් ගැන
කතා කරමු. තවත් ලිපියකින් හමු වෙන තුරු
නවතින්නම්. ඇන්ඩ්රොයිඩ් 2 ලිපියෙන් මුණගැහෙමු.
No comments:
Post a Comment