සියල්ල

Tuesday, July 28, 2015

ROOT කරන්නේ කොහොමද??

මේ post එක මම දාන්නේ රොෂෙල් සහෝදරයගෙ ඉල්ලීමක් මතය.

උබලා හැමෝම වගේ අහන දෙයක් තමයි ROOT කරන්නේ කොහොමද කියල..ඔන්න ඉතින් මම ඒකට හොද විසදුමක් ගෙනාව..

උබල root කරන්න කලින් ROOT කරනව කියන්නෙ මොකක්ද කියලා මෙතනින් බලාගන්න.

හරි රූට් කරන්න ප්රධාන ක්රම 2ක් තියෙනව එකක් pc එක හරහා රූට් කිරීම අනික පෝන් එකෙන් ම root කිරීම.

මම උබලට දෙන්නෙ බන් විවිධ වර්ගයේ දුරකතන ගනනාවක් 1000000කට අධික ප්රමාණයක් 100% සාර්ථක වූ root App එකක්. නම කින්ග් රූට් මුලින්ම ඇප් එක මෙතනින් download කරගෙන iinstall කරන්න.
දැන් ඒ app එක open කරගන්න.ඊට පස්සෙ කොල පාට රවුමක් ඇතුලෙ දොර ඉබ්බෙකුගෙ ලකුනට යටින් සුදු ඉරි කොටුවකින් වටවුනු අකුරු ක්ලික් කරන්න.එවිට සුලුවෙලාවක් රවුම කැරෙකෙමින් තිබී හරි ලකුන වැටෙයි.කොල පාට රවුමට යටින් නිල්පාට කොටුවක් දිස්වන අතර දැන් එය ක්ලික් කරන්න.දැන් දුරකථනය reboot කරන්න.

reboot වීමෙන් පසුව kinguser නමින් හෝ super user නමින් ඇප් එකක් ඇත්නම් ඔබ සාර්ථක ලෙස root කර අවසන්.තවදුරටත් root වීම සැකසහිත නම් playstory ,එකෙන් root cheker මගින් එය සනාථ කරගත හැකිය.root වීමෙන් පසුව විවිධඇප් ඉන්ස්ටෝල් විය හැකියි.එය බිය වියයුතු නැත.එම ඇප් අනවස්යනම් පසුව unstall කරගන්න.සුපර් යූසහෝ,කින්ග් යූසර් unstall කරන්න එපා.root කිරීමට භාව්තා කල kingroot ඉවත් කිරීම ගැටලුවක් නොමැත.

ඔයාලට මේ ඇප් එකෙන් ROOT කරන්න බැරිනම් Iroot ඇප් එකෙන් root කරන්න..
Iroot ඇප් එක මෙතනින් Downlod කරගන්න..

මේක අරකට වඩා වැඩේ ලෙසියි..මෙකෙ කරන්න තියෙන්නෙ Iroot ඇප් එක instrall කරගෙන ඒක open කරන්න.ඊට පස්සෙ Root Now කි‍යලා එකක් එයි.ඊට පස්සෙ ඒක තච් කරන්න..ඊට පස්සෙ root sucsed කියලා එකක් එයි..
දැන් phone එක reboot කරල බලන්න..ඔයගේ ෆෝන් එක root වෙලානම් kinguser හරි supperuser කියල ඇප් එකක් එයි.

උබලා කොහොම ROOT කරත් මට කමක් නෑ. හැබැයි උබල වැඩේ වරද්ද ගත්තොත් ෆෝන් එකට කෙල වෙනවා ඒ කියන්නෙ sorry.com තමයි..හැබැයි උබල වැඩේ වරද්දගෙන උබලැ අම්මල තාත්තල අපේ ගෙදර එක්ක එන්වා නෙවෙයි.      

කියන්න අමතක වුනා මේක ජාතියේ බුද්ධිමතුන්ට අනුමත කර නොමැත.


මොකක්ද මේ ROOT කරනව කියන්නෙ??


ගොඩක් අයට හරි අව්ලක් නේ මේ Root කරනවා කියන එක.මොකක්ද Rootකියන්නේ. 
කොහොමද Root කරන්නේ??

සමහර අය Root කරන්න බැරුව ඉන්නවා.

සමහර අය Root කරන්න බයේ ඉන්නවා.

සමහර අය Root කරන්න ගිහින් වැඩ වරද්දාගෙන ඉන්නවා.

සමහර අය එපා වෙලා ආය Unroot කරනවා.

Android Phone එකක් අපි අලුතෙන් මිලදී ගන්නකොට  එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩකරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ.
ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් වැඩ සීමා සහිතයි.ඉතින් මෙන්න මේ සීමා ඉවත් කරන එකට තමයි රූට් කරනවා කියලා කියන්නේ.

Root කරාම අපිට පුළුවන්  Phone එකේ සම්පුර්ණ බලතල අපි අතට අරන් Phone එක හසුරුවන්න.Android උපාංගයේ සම්පූර්ණ බලතල අපේ අතට ගන්නව වගේ තමයි.

මෙහිදි අපට අවශ්යආකාරයට Android උපාංගය හැසිරවිය හැකි උනාට මේකේ වාසි අවාසි දෙකම තියනවා..

Root කිරීමේ වාසි

*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම.

*Super User බලතල ලැබීම.

*Root කිරිමට පෙර නොහැකි වූ  මෘදුකාංග ස්ථාපනයකිරිමට හැකිවීම.

*Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම යාවත්කාලීන කිරිමට හැකි විම.

*Android System එක අපට අවශ්ය පරිදි සකසා ගත හැකි වීම.

*මෘදුකාංග  බාහිර මතක චිපයටදස්ථාපනය කර ගැනීමට හැකි වීම.

*Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම.

*වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම.

Root කිරීමේ අවාසි

*උපාංගයේ වගකීම් අහෝසි වීම.

*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම.

*නොගැලපෙන ස්ථිරාංග(Firmware) ස්ථාපනය කිරිමෙන් උපාංගයේ කාර්යක්ෂම තාවය අඩු වීම.

ඉස්සර නම් Root කරන්න  PC එකක් ඕන. දැන් නම් Phone එකෙන් උනත් ලේසියෙන්ම Root කරන්න පුලුවන්.අවදානමත් අඩුයි.ඕනෑම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුළුවන් පොඩි වෙලාවකින්.මෙන්න මේ App වලින් පුළුවන් Pc එකක් හරහා Phone එක Root කරන්න.

IRoot
VRoot

සමහර ඒවානම් Flash Tool වලිනුත්කරන්න පුළුවන්.මෙන්න මේ App වලින් පුළුවන් Phone එකෙන්ම Phone එක Root කරන්න.

FrameRoot.
BaiduRoot.
IRoot.
KingoRoot.

ඔය මොකෙන් Root කලත් Phone එකට SuperUser App එකක් Install වෙනවා.එකෙන් තමයි Root Permissionදෙන්නේ.

Root Permission ඕන App එකක් Open කරාම Message එකක් එනවා අනිවා තත්පර ගානක් ඇතුලත අපි Permission (Allow/Grant) දෙන්න ඕන.නැත්තම් ඒ App එක වැඩ කරන්නේ නෑ.

අපිට ඕන වෙලාවක App වලට දීල Permission වෙනස් කරන්න පුළුවන්SuperUser App එකෙන්Root කරපු Phone එකක් ඕන වෙලාවක UnRoot කරන්නත් පුළුවන් SuperUser App එකෙන්.

Root කරන විදිහ ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්.

Friday, July 24, 2015

පරිගනකයට Android දාමු.


මේකත් ඉතින් කලින් දුන්න ඒවා වගේ ම සුපිරි වැඩක් තමා මේකෙන් කරන්නෙ අපේ පරිගණකය තුලට ඇන්ඩ්රොයිඩ් ඇප් ඇතුලත් කර පරිගණකය මගින් එම ඇප් හැසිරවීමකි.
මේ තුල විසේශ වාසි රැසක් තියෙනවා ප්රදානම දේ තමා ඕනම ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකකට අදාල ඇප් රන් කරවීමට හැකිවීමයි.එසේම අපගේ දුරකථනය ට ඇප් එකක් දැමීමට පෙර අපට හැකියි එය පරිගණකය ටදමා ටෙස්ට් කිරීමට.
මීට අමතරව ඉතින් ඇන්ඩ්රොයිඩ් පෝන් එකකින් සිදුකල හැකි ඕනම දෙයක් මෙම ඇප් එක හරහා පරිගණකය තුල සිදුකල හැකියි.මේ සඳහා පහත ඇති bluestack player exe එක ඔබේ පරිගණකය තුල ස්ථාපනය කොට ඊමේල් පාස්වර්ර්ඩ් ලබදී ලොග් වන්න ප්ලේස්ටෝරි මගින් අවශ්ය ඇප් භාගත කරගන්න.
{BLUE STACK PLAYE RDOWNLOAD} මේසඳහා ඔබේ පරිගණකය ඉතා කාර්ය්ක්ෂම තත්වයේ පැවතිය යුතු අතර රැම් ධාරිතාව අවම වශයෙන් 2GB වත් තිබිය යුතුය.වින්ඩෝස්7 සඳහා ඉතා හොඳින් සහාය දක්වයි.
H

Phone එක compeuter එකෙන් හිතේ හැටියට පාලනය කරමු.

අහ් යාලුවනේ ඔන්න මම පට්ට බාන්ඩයක් අරන් ආවා අද නම්.ඉතින් ඉතින් කොල්ලො කෙල්ලො ටික සනීපෙන් ඉන්නවා ඇති නේද?..... හම්ම්ම්ම් වැඩි කතා ඔනි නෑ මෙච්චර රහ කරපු බාන්ඩේටම බහිමුකෝ.
යාලුවනේ අපි ගොඩක් දෙනෙකුට pc තියෙනවානේ.(හරි හරි නැති උනුත් ඇති) ඉතින් අපි pc එකේ game කට්ටක් දාගෙන ගහ ගහ ඉද්දී හරි,word වගේ එකක වැඩක් කොර කොර ඉද්දී හරි,එහෙමත් නැත්නම් ඔය (ගහක්)වැලක් බලන් ඉද්දී එක පාරම හෙන් ගැහුවා වගේ Phone එක Ringවෙන්න පටන් ගත්තොත් අයේ මල පැනලා අයෙත් මල පැනලා අයෙත් මල පැනලා පොඩි හරුපෙකුත් කියවෙනවා.(අනේ පවු call එක ගත්ත එකාගේ ගෙදර ඉන්න අහිංසක අම්මා. හිහ්) ඉතින් ඔය වගේ වැඩ වෙලා ඇතිනේ උබලට ඔනි තරන්.ඒ වේලාවට එක්කො game එක නවත්තලා phone එකට answer කරන්න ඔනි නැත්තන් පස්සේ ගනින් කියලා massage එකක් යවන්න ඔනි.ඒ මුනා කරන්නත් phone එක තියෙනතැනින් අරගෙන ඉන්නත් එපැයි.
ඔය වගේ දහසක් ප්රශ්නයකටම විසදුම තමා මම අද ගේනාවේ.මේක PC එකකින් phone එක control කරන්න පුලුවන් ලෝකයේ තියෙන හොදම software එක යාලුවනේ.මේකෙන් පුලුවන් ඔයාට call එකක්එනවා නම් එක pc එකින්  answer කරන්න,sms එකක් අවාම එකට reply කරන්න.notification එකේ එන ඔනිම massage එකක් computer එකට එනවා.හොදම වැඩේ මෙකින්පුලුවන්අපිටcomputerඑකේ mouse එක බාවිතා කරලාphone එකcomputer එකින්tach කරන්න.ඒ කිවේphone එක අල්ලන්නේනැතිවම මුලුphone එකමපාලනය කරන්න පට්ට නේ.........තවත් දෙයක් මේකcomputerඑකට සම්බන්ධ කරන්න ක්රම තුනක් තියෙනවා එකක් තමා wi-fi අනිත් විදිහ Bluetooth ඒ දෙකම නැත්නම් USB කේබල් එකක් හරහා උනත්හරිම ලේසියෙන් සම්බන්ධ කරන්න පුලුවන්.......හරි හරි දැන් මේක මෙතනින් {Download} කරගන්නකො.
එහෙනම් ආයේ ඔයාලට කරදරයක් කොරන්න කිසිම ජගතෙකුටවත් බෑ හිහ්.
(සැ:යු: මේ software එක pc එකට install කර phone එක සම්බන්ධ කල පසු phone එකට app 3ක් intall වේ.ඒ පමණක් computer එක හා phone එක) සම්බන්ධ විමට සෑහෙන අතර පලමු වතාව USB  හරහා සම්බන්ධ කරන්න)

Monday, July 20, 2015

Android ගැන යමක්

ඉතිහාසය කෙටියෙන්

ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එකභාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.

ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.

ඇන්ඩ්රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්රමලෙඛ භාෂා වලින් තමයි ඇන්ඩ්රොයි හැඩ කරලා තියෙන්නෙ.දැනට ලෝකෙ තියන ජනප්රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්රොයිකියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක්ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.

2007 දී තමයි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.

2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්රසිද්ධ කරේ ඇන්ඩ්රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරුකරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008අගෝස්තු වලම හදලයි තිබුනෙ.

Google Play ගැන

අපි ඉතින් වැඩ්ඩො වගේ ඇන්ඩ්රොයි එකෙන් වැඩ දාන්නෙPlay Store එක හින්දා තමයි මොකද මේ ගොඩක් වැඩ කෑලි play එකෙන් ගත්ත ඇප්ස් වලින් දාන එවනෙ Play Store ගැන ඔක්කොම මෙතනින් බලාගන්න.

http://androidmalinduwa.blogspot.com/2015/07/gooleg-pley.html?m=1


Android සංස්කරණ

ඇන්ඩ්රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTCDREAM කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්රොයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේඅතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්රිසි හෝඩියේ ආකරාදිපිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)

ඒ තමයි අපි කව්රුත් දන්න,

1.Android 1.0
2.Android 1.5 (CUPCAKE)
3.Android 1.6 (DONUT)
4.Android 2.0 (ECLAIR)
5.Android 2.2 (FROYO)
6.Android 2.3 (GINGERBREAD)
7.Android 3.0 (HONEYCOMB)
8.Android 4.0 (ICE CREAM SANDWICH)
9.Android 4.1 (Jelly BEAN)
10.Android 4.4 (Kitkat)
11.Android 5.0 (Lollipop)


කියන සංස්කරණ.දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට්ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ් එකක් හින්දා.


ඇත්තටම ඇන්ඩ්රොයිඩ් මෙච්චරජනප්රිය වෙන්න ප්රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙනආදායමෙන්.

ඉතින් හිතල බලන්නකො අව්රුදු6 කට කලින් ඩොලර් මිලියන 50ක්දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල.



Comment එකකුත් දාලම යන්න...


Gooleg pley හි වගතුග

දැනටමත් මෙය භාවිතා කරන අයට නම් ගූග්ල් ප්ලේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. ඒ තරම් ම අපේ ෆෝන් එකට මේක සමීපයි.
ගූග්ල් සමාගම මෙය "ඇන්ඩ්රොයිඩ් මාකට්" ලෙසින් ආරම්භ කරන්නේ 2008 ඔක්තෝබර් 23 වන දින ය. අප දැනට භාවිත කරන Google Play වෙබ් අඩවිය දියත් කරන්නේ 2011 පෙබරවාරි මසදී ය. ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්රියතාවය ඉහල යනවාත් සමගම, Android Market සහ Google Music යන සේවාවන් එකට කරමින් 2012 මාර්තු 6 වන දින මෙය Google Play නමින් නැවත ආරම්භ කරන ලදි. Google Play හා සම්බන්ධ අනෙකුත් සේවාවන් වන්නේ Google Movies & TV, Google Books සහ GoogleMusic ය.

2009 මාර්තු මස වන විට මෙහි 2300ක් ලියාපදිංචි වී තිබුණි. එම වසරේම අග භාගය වන විට 16000ක් සහ 2010 වර්ශය අවසාන විට මෙහි ඇති ගණන ලක්ශය ඉක්මවාතිබිණි. 2011 වසර අවසන් විට ඇප්ස් ගණන හතර ගුණයකින් වැඩිවී ඇත. මේ වන විට හි ඇති සම්පූර්ණ ඇප්ස් ගණන 675,000 ලෙස ගණන් බලා ඇත. 2012 සැප්තැම්බර් මස වන විට මෙහි ලියාපදිංචිවී තිබූ ඇන්ඩ්රොයිඩ් උපාංග ගණන මිලියන 500ක් (මේ අතර ඕගොල්ලොයි අපිත් ඉන්නවා).මේ වන විට මෙහි ඇප් බාගත කිරීම මිලියන 25 ඉක්මවා ඇති අතර, මේ වෙනුවෙන්, ජනප්රිය ගෙවිය යුතු ඇප්ස් සඳහා 25% ක වට්ටමක් Google විසින් ලබා දෙනවා.මෙහි බාගතකිරීම් මිලියන 10 ඉක්මවූ ඇප්ස් 200ක් පමණ තිබෙන අතර, බාගත කිරීම් මිලියන 5 ඉක්මවූ ඇප්ස් 500ක් පමණ තිබෙනවා.දැනට වැඩි වශයෙන්ම බාගත කරන ලද ඇප්ස්අතර ෆේස්බුක්, ගූග්ල් මැප්ස්, යූටියුබ්, ජීමේල්, ගූග්ල් සර්ච් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් බහුතරයක් ගූග්ල් සමාගම මගින් සංවර්ධනය කරන ලද ඒවා වීම විශේෂත්වයක්.එව වගේම වැඩියෙන්ම බාගත කරන ලද ක්රීඩා අතරින්, ඇන්ග්රි බර්ඩ්ස්, ඇන්ග්රි බර්ඩ්ස් සීසන්ස්, ඇන්ග්රි බර්ඩ්ස් රියෝ ඉදිරියෙන් සිටිනවා.

ඇන්ඩ්රොයිඩ් හි සැඟවුණුEaster Eggs

අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපේ ඕ.එස් එකේ තියන සැඟවුණු දෙයක් ගැන. ඕගොල්ලො මේක ගැන දන්නවත් ඇති. මේවාට කියන්නේ Easter Eggs නැතිනම් පාස්කු බිත්තර කියලා. හැම ඇන්ඩ්රොයිඩ් සංස්කරණයකම මේ එකක් අඩංගු වෙලා තියනවා.Android Easter Egg කියන්නේ පොඩි ඇනිමේශන් එකකට හෝ පින්තූරෙකට. හැම ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකකටම මේකක් තියනවා. මේක හදලා තියෙන්නේ ඒ ඒ සංස්කරණයකට ගැලපෙනන විදියටයි.ඒ කාලේ ඉන්ටනෙට් එකේ ජනප්රිය වුණ කාටුන් චරිත වැනි දේත් මේවයෙහි තියනවා.

දැන් බලමු බිත්තරේ ගන්න හැටි.දැන් Settings > About Phone යන්න. එතන තියනවා ඇන්ඩ්රොයිඩ් වර්ශන් කියලා එකක්. ඒක උඩ එක දිගට ඇගිල්ලෙන් තට්ටු කර කර යන්න.

ඔයාගේ අන්ඩ්රොයි verson එක jelly bean නම් ලොකු jelly bean එකක් එයි..ඊට පස්සෙ ඒ jelly bean එක touch කරගෙන හිටියහම ඔයලට jelly beans ගොඩක් පාවෙනව පෙනෙයි.

ඔයාලට මෙකෙන් අයින් වෙන්න ඕනෙ නම් bake එක හරි home එක හරි තච් කරන්න......