සියල්ල

Monday, July 20, 2015

Android ගැන යමක්

ඉතිහාසය කෙටියෙන්

ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එකභාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.

ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.

ඇන්ඩ්රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්රමලෙඛ භාෂා වලින් තමයි ඇන්ඩ්රොයි හැඩ කරලා තියෙන්නෙ.දැනට ලෝකෙ තියන ජනප්රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්රොයිකියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක්ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.

2007 දී තමයි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.

2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්රසිද්ධ කරේ ඇන්ඩ්රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරුකරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008අගෝස්තු වලම හදලයි තිබුනෙ.

Google Play ගැන

අපි ඉතින් වැඩ්ඩො වගේ ඇන්ඩ්රොයි එකෙන් වැඩ දාන්නෙPlay Store එක හින්දා තමයි මොකද මේ ගොඩක් වැඩ කෑලි play එකෙන් ගත්ත ඇප්ස් වලින් දාන එවනෙ Play Store ගැන ඔක්කොම මෙතනින් බලාගන්න.

http://androidmalinduwa.blogspot.com/2015/07/gooleg-pley.html?m=1


Android සංස්කරණ

ඇන්ඩ්රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTCDREAM කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්රොයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේඅතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්රිසි හෝඩියේ ආකරාදිපිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)

ඒ තමයි අපි කව්රුත් දන්න,

1.Android 1.0
2.Android 1.5 (CUPCAKE)
3.Android 1.6 (DONUT)
4.Android 2.0 (ECLAIR)
5.Android 2.2 (FROYO)
6.Android 2.3 (GINGERBREAD)
7.Android 3.0 (HONEYCOMB)
8.Android 4.0 (ICE CREAM SANDWICH)
9.Android 4.1 (Jelly BEAN)
10.Android 4.4 (Kitkat)
11.Android 5.0 (Lollipop)


කියන සංස්කරණ.දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට්ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ් එකක් හින්දා.


ඇත්තටම ඇන්ඩ්රොයිඩ් මෙච්චරජනප්රිය වෙන්න ප්රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙනආදායමෙන්.

ඉතින් හිතල බලන්නකො අව්රුදු6 කට කලින් ඩොලර් මිලියන 50ක්දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල.



Comment එකකුත් දාලම යන්න...


No comments:

Post a Comment