සියල්ල

Monday, July 20, 2015

Gooleg pley හි වගතුග

දැනටමත් මෙය භාවිතා කරන අයට නම් ගූග්ල් ප්ලේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. ඒ තරම් ම අපේ ෆෝන් එකට මේක සමීපයි.
ගූග්ල් සමාගම මෙය "ඇන්ඩ්රොයිඩ් මාකට්" ලෙසින් ආරම්භ කරන්නේ 2008 ඔක්තෝබර් 23 වන දින ය. අප දැනට භාවිත කරන Google Play වෙබ් අඩවිය දියත් කරන්නේ 2011 පෙබරවාරි මසදී ය. ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්රියතාවය ඉහල යනවාත් සමගම, Android Market සහ Google Music යන සේවාවන් එකට කරමින් 2012 මාර්තු 6 වන දින මෙය Google Play නමින් නැවත ආරම්භ කරන ලදි. Google Play හා සම්බන්ධ අනෙකුත් සේවාවන් වන්නේ Google Movies & TV, Google Books සහ GoogleMusic ය.

2009 මාර්තු මස වන විට මෙහි 2300ක් ලියාපදිංචි වී තිබුණි. එම වසරේම අග භාගය වන විට 16000ක් සහ 2010 වර්ශය අවසාන විට මෙහි ඇති ගණන ලක්ශය ඉක්මවාතිබිණි. 2011 වසර අවසන් විට ඇප්ස් ගණන හතර ගුණයකින් වැඩිවී ඇත. මේ වන විට හි ඇති සම්පූර්ණ ඇප්ස් ගණන 675,000 ලෙස ගණන් බලා ඇත. 2012 සැප්තැම්බර් මස වන විට මෙහි ලියාපදිංචිවී තිබූ ඇන්ඩ්රොයිඩ් උපාංග ගණන මිලියන 500ක් (මේ අතර ඕගොල්ලොයි අපිත් ඉන්නවා).මේ වන විට මෙහි ඇප් බාගත කිරීම මිලියන 25 ඉක්මවා ඇති අතර, මේ වෙනුවෙන්, ජනප්රිය ගෙවිය යුතු ඇප්ස් සඳහා 25% ක වට්ටමක් Google විසින් ලබා දෙනවා.මෙහි බාගතකිරීම් මිලියන 10 ඉක්මවූ ඇප්ස් 200ක් පමණ තිබෙන අතර, බාගත කිරීම් මිලියන 5 ඉක්මවූ ඇප්ස් 500ක් පමණ තිබෙනවා.දැනට වැඩි වශයෙන්ම බාගත කරන ලද ඇප්ස්අතර ෆේස්බුක්, ගූග්ල් මැප්ස්, යූටියුබ්, ජීමේල්, ගූග්ල් සර්ච් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් බහුතරයක් ගූග්ල් සමාගම මගින් සංවර්ධනය කරන ලද ඒවා වීම විශේෂත්වයක්.එව වගේම වැඩියෙන්ම බාගත කරන ලද ක්රීඩා අතරින්, ඇන්ග්රි බර්ඩ්ස්, ඇන්ග්රි බර්ඩ්ස් සීසන්ස්, ඇන්ග්රි බර්ඩ්ස් රියෝ ඉදිරියෙන් සිටිනවා.

No comments:

Post a Comment