ගොඩක් අයට හරි අව්ලක් නේ මේ Root කරනවා කියන එක.මොකක්ද Rootකියන්නේ.
කොහොමද Root කරන්නේ??
සමහර අය Root කරන්න බැරුව ඉන්නවා.
සමහර අය Root කරන්න බයේ ඉන්නවා.
සමහර අය Root කරන්න ගිහින් වැඩ වරද්දාගෙන ඉන්නවා.
සමහර අය එපා වෙලා ආය Unroot කරනවා.
Android Phone එකක් අපි අලුතෙන් මිලදී ගන්නකොට එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩකරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ.
ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් වැඩ සීමා සහිතයි.ඉතින් මෙන්න මේ සීමා ඉවත් කරන එකට තමයි රූට් කරනවා කියලා කියන්නේ.
Root කරාම අපිට පුළුවන් Phone එකේ සම්පුර්ණ බලතල අපි අතට අරන් Phone එක හසුරුවන්න.Android උපාංගයේ සම්පූර්ණ බලතල අපේ අතට ගන්නව වගේ තමයි.
මෙහිදි අපට අවශ්යආකාරයට Android උපාංගය හැසිරවිය හැකි උනාට මේකේ වාසි අවාසි දෙකම තියනවා..
Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම.
*Super User බලතල ලැබීම.
*Root කිරිමට පෙර නොහැකි වූ මෘදුකාංග ස්ථාපනයකිරිමට හැකිවීම.
*Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම යාවත්කාලීන කිරිමට හැකි විම.
*Android System එක අපට අවශ්ය පරිදි සකසා ගත හැකි වීම.
*මෘදුකාංග බාහිර මතක චිපයටදස්ථාපනය කර ගැනීමට හැකි වීම.
*Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම.
*වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම.
Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් අහෝසි වීම.
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම.
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) ස්ථාපනය කිරිමෙන් උපාංගයේ කාර්යක්ෂම තාවය අඩු වීම.
ඉස්සර නම් Root කරන්න PC එකක් ඕන. දැන් නම් Phone එකෙන් උනත් ලේසියෙන්ම Root කරන්න පුලුවන්.අවදානමත් අඩුයි.ඕනෑම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුළුවන් පොඩි වෙලාවකින්.මෙන්න මේ App වලින් පුළුවන් Pc එකක් හරහා Phone එක Root කරන්න.
IRoot
VRoot
සමහර ඒවානම් Flash Tool වලිනුත්කරන්න පුළුවන්.මෙන්න මේ App වලින් පුළුවන් Phone එකෙන්ම Phone එක Root කරන්න.
FrameRoot.
BaiduRoot.
IRoot.
KingoRoot.
ඔය මොකෙන් Root කලත් Phone එකට SuperUser App එකක් Install වෙනවා.එකෙන් තමයි Root Permissionදෙන්නේ.
Root Permission ඕන App එකක් Open කරාම Message එකක් එනවා අනිවා තත්පර ගානක් ඇතුලත අපි Permission (Allow/Grant) දෙන්න ඕන.නැත්තම් ඒ App එක වැඩ කරන්නේ නෑ.
අපිට ඕන වෙලාවක App වලට දීල Permission වෙනස් කරන්න පුළුවන්SuperUser App එකෙන්Root කරපු Phone එකක් ඕන වෙලාවක UnRoot කරන්නත් පුළුවන් SuperUser App එකෙන්.
Root කරන විදිහ ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්.
මගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
ReplyDeleteමොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ