ඔන්න මචන්ලා අද මම අලුත්ම වැඩකට බහින්න යන්නෙ....මොකක්ද දන්නවද වැඩේ....අද මම Hacking ගැන කියලා දෙන්න යන්නේ.....ඔන ඉතින් Hack කිවුව හැටිය කට්ටියම full fun එකේ ඇත්තේ....මේක ටික දිග කතාවක්......දැන් ඉන්න ගොඩක් එවුන්ට Hack පිස්සුවක් ගහලා තියෙන්නේ.. දැන් ඉන්න වුන් හිතන් ඉන්නේ Android Phone කට්ටක් අරගෙන එකෙන් වැඩ කැලි දාලා ඔක්කෝම දන්නවා කියලා....ගොඩක් උන් Android Phone එකක් අරගෙන ඔක්කෝම ද්ලන්නවා වගේ පඩ ශෝබනේ දාගෙන ඉන්නවා....එහෙම උන් නම් මේ පෝස්ට් එක කියෙවුව නැති උනාටනම් කමක් නෑ....අපි කියලා දෙන්නේ මේවා ගැන ඉගෙන ගන්න කැමති අයට විතරයි.....හරි එහෙනම් අපි බලමුකො Hack කරනව කියන්නෙ මොකක්ද කියලා.....
මොකක්ද මේ Hack කරනව කියන්නෙ?
Hacking ගැන සාකච්ඡා කරද්දී මෙවැනි ප්රශ්ණ ඔබටත් මතු වනවා ඇති...අපි මුලින්ම බලමු මොකක්ද මේ Hack කරනව කියන්නෙ කියල...
Hack කරනව කියන්නෙයම්කිසි පරිගණනයකට , නැතහොත් පරිගනක පද්ධතියකට , වෙබ් අඩවියකට අනවසරයෙන්ඇතුලු වී එහි ඇති දත්ත සොරාගෙන , දත්ත විකෘති කර දත්ත වලට හානි කිරීම යන ක්රියාවලියන්සිදුකිරීමයි...
ඕනෙම කෙනෙකුට Hack කරන්න පුලුවන්ද?
ඔව්...ඕනිම කෙනෙකුට Hack කරන්න පුලුවන්...නමුත්එක් පරිගනක භාෂාවක් පිලිබදවත්මනා දැනුමක් අවශ්ය වනවා...
මේ සදහා java,C,C++,Python වැනි පරිගනක භාෂාවන් පිළිබද අවධානය යොමු කිරීම වඩාත් වැදගත්...
කොහොමද Hack කරන්නෙ?
මේ පිළිබදව සාකච්ඡා කලහොත් එය තරමක්පුලුල් ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා...නමුත් මම ඔබට තරමක් කෙටියෙන් පැහැදිලි කරන්නම්...මේ සදහා මම ඉහතින් සදහන් කළ පරිදි ඔබවිසින් යම් පරිගනක භාෂාවක් හැදෑරිය යුතු වෙනවා...ඒ ඔස්සේ කුමන හෝ පද්ධතියක් තමන්ගේ භාරයට ගතහැකි...
මෙය දිනෙන් දෙකෙන් කළ හැකිකාර්යක් නොවේ...මේ සදහා තරමක් දුරට වෙහෙසිය යුතු වෙනවා...විශාල කැපකිරීමක් කිරීමටසිදුවෙනවා...උදාහරණයක් ලෙස ඔබ පරිගනකයක් Hack කිරීමට උත්සහ දරන්නේ නම් ඔබ විසින් පරිගනකයපිළිබද නිරන්තරයෙන් තොරතුරු එක්රැස් කිරීමට සිදුවනවා...පසුවඑහි කුමන හෝ දුර්වලතාවයක්වටහා ගත යුතුය...(එය පරිගනක මෙහෙයුම් පද්ධතියේ විය හැකිය.) පසුව ඒ ඔස්සේ තමන්ගේකටයුතු ආරම්බ කළ හැකියි...එම දුර්වලතාවය මත ඔබ විසින් පරිගනක වැඩසටහනක් නිපදවා ඒ හරහාපරිගනකය හෝ පරිගනක පද්ධතිය Hack කිරීමේ හැකියාව පවතී..
තව දෙයක් කියන්න ඕනෙ ගොඩක් අය try කරන්නෙ Facebook Hack කරන්න.......
ඇයි බං ඔච්චර ෆේස්බුක් හැක් කරන්න දගලන්නෙ?වැරදියට හිතන්න එපා...ෆේස්බුක් එක ආතල් එකට හරි හැක් කරන්න ඕනි නං කරනවා phishing ටිකක් හරි හරියන්නෙ ඕක තමා.නියම විදිහට ප්රෝග්රෑම් කරල ෆේස්බුක් ඩේටා බේස් හැක් කරන උන් මං දන්න තරමින් නවතින්නෙ මහ උලු ගෙදර.
අනිත් එක....ඔහොම අහන හැමෝටම මුලින්ම කියල දෙන්න ඕනි මොකක්ද හැකිං කියන්නෙ කියල....ගොඩක් උන් කරන්නෙ වැඩ්ඩාර වගේ නෙට් එකේ සර්ච් කරනවා free download facebook hacking software කියල...ඔහොම ඔහොම කෝටියක් ඩවුන්ලෝඩ් කරනව.අන්තිමට හැක් කරපු මගුලක් නෑ වෛරස් පුරෝගෙන තමන්ම හැක් වෙලා බලන්ට බෑ දුකේ.ඔහොම free download facebook hacking software කරන එවුවො මං දැකල තියනව යාලුවන්ට මැසේජ් දානව තොගෙ fb hack කරනව කියල සෝදාගෙන ඉන්නව.වැඩක් නෑ බං ඔහොමම කිවුවෙ ඔයා දන්නවද හැකිං කියන්නෙ මොකක්ද කියල හැකිං කියන්නෙ සොෆ්ට්වෙයා එකක් දාල එක ක්ලික් එකකින් අනිත් එකාගෙ පාස්වර්ඩ් ගන්න පුලුවන් විදිහක් නෙවේ.
ඒකට ලොකු මොලයක් තියෙන්න ඕනි programming languages,operating system,software ගැන මුල ඉදන් පරතරේටම දැනන් ඉන්නත් ඕනි.
මේක මගේ අදහස...මම අවසාන වශයෙන් කියන්නෙ හැකිං කියන ක්ෂේත්රය මහා බරපතල ක්ෂේත්රයක්....හොදට යොදවන්නත් පුලුවන්.හොදට යෙදෙවුවොත් හොදම තමා(ethical hacking)....නරකට යෙදෙවුවොත් අපාය වගේ......දැන් ලංකාවෙ ෂෝ දාන හැකිං කොල්ලන්ට මුලින්ම ලංකාවෙ සයිබර්ක්රයිම් නීතිය කියවන්න දෙන්න ඕනි.නැත්තං උන් මඩේ එරෙනවා.බොරු කියන්න ඕනි නෑ ඕක කම්පියුටරේ අතට අරගෙන ඉන්ටනෙට් එකේ වැඩ දාන්න පටන් ගත්තාම එන පිස්සුවක් ඒක නැති කෙනෙක් නෑ.මාත් ඔය ගොන් පිස්සුවෙන් අන්ධව සිටිකාලයක් තිබුනා මම ඒ කාලෙ කරපු ගොන්වැඩ කියන්නෙ නෑ මටම ලැජ්ජයි ඒව මතක් වෙනකොට.මම දන්නෙ නෑ මගේ අදහස මම කීවෙ ගොඩක් අය කියන්නෙ ඔය කතාව තමයි දැන්.....