සියල්ල

Friday, February 12, 2016

හෙලකුරු එකට Photo එකක් දාගමු........


ඔන්න මචන්ලා අද මම ගෙනාවා නියම වැඩක්....ගොඩක් දෙනෙක් හෙලකුරු Keyboard එක පාවිචි කරනවා.....ඒ උනත් ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමයි Helakuru Keyboard එකට photo එකක් දාන එක...මන් අද කියලා දෙන්න යන්නේ හෙලකුරු වලට ෆොටෝ එකක් දාන විදිය.....facebook group වල නම් Helakuru Wallpaper Keyboard ගොඩක් දාලා තියනවා....ඒ උනත් අපිට කැමති photo එකක් දාන විදිය කවුරුත් කියලා දෙන් නෑනේ...ඔන්න අද මම ඔයාලට ඒක කියලා දෙන්න යන්නේ.....

හරි මන් දන්නවා ඔයාලා ලග හෙලකුරු Keyboard එක තියනවා කියලා..හැබයි මේ වැඩේට ඔය හෙලකූරු එක හරියන් නෑ...ඒකට වෙන හෙලකුරු ඇප් එකක් ඕන වෙනවා....එහෙනම් ඔයාලග දැන් තියන හෙලකුරු එක uninstall කරලා මන් පහල දාලා තියන ලින්ක් එකට ගිහින් අලුත් හෙලකුරු ඇප් එක බාගන්නකෝ....


දැන් ඒක download කරගත්තනම් install කරගන්න....දැන් Keyboard එක හරිනම් පහල ෆොටෝ එකේ විදියට කලු පාට හෙලකුරු Keyboard එකකෙයි....දැන් ඕකත් Uninstall කරන්නකෝ...හැබැයි Sd card එකෙන් Delete කරන්න එපා....

මේ තියෙන්නේ photo එක දාන්න කලින් Keyboard එක-

හරි දැන් බලමු අපි කොහොමද හෙලකුරු එකට photo එක දාන්නේ කියලා.....අපිට මේකට photo එක දාන්න තව ඇප් එකක් ඕන වෙනවා..ඒ ඇප් එකේ නම Apk Editor Pro මේ ඇප් එකෙන් තමයි අපි ෆොටෝ එක දාන්නේ....හරි දැන් පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Install කරගන්නකෝ.....


හරි දැන් මෙහෙමයි වැඩේ කරන්නේ..

01.මුලින්ම Apk Editor Pro App එක Open කරගන්නකෝ....

02.දැන් "Select an Apk File" කියන එකට යන්න....

03.දැන් ඔයාගෙ memory එකට එයි....එතනින් ඔයා Download කරපු  Helakuru App එක උඩ තච් කරන්න්න....

04.ඊට පස්සේ "Simple Edit (FILE REPLACEMENT)" කියන එකට යන්න...

05.දැන් "IMAGES" කියන එකට යන්න....

06.දැන් පහල මම නිල් පාටට රවුම්කරලා තියන තැන තමයි අපිට ඕන කරන්නේ....ඔයාලට පේනවා ඇති එතන දෑන් කලු පාට photo හතරක් තියනවා....දැන් ඒ කලු පාට photo හතර වෙනුවට ඔයාලා කැමති photo හතරක් දාගන්න.....photo මාරු කරන්න මම පහල දාලා තියන විදියට පෑන්සලක් වගේ තියන එක උඩ තච් කරන්න......

07.දැන් ඔයාලගේ memory එකට එයි...දැන් ඔයාලට කැමති ෆොටෝ එකක් දාගන්න පුලුවන්....

08.ඔය විදියට ඔයා කැමති ෆොටෝ හතරක් දාගන්න....දැන් ෆොටෝ ටික දාගෙන ඉවරනම් යටම තියන "Save" කියන එක තච් කරන්න....

09.දැන් ටික වෙලාවක් Load වෙයි. ඊට පස්සේ වැඩේ හරිනම් පහල විදියට එයි....දැන් එහෙනම් Install කියන එකට ගිහින් insatall කරගෙන බලන්නකෝ...

ඔන්න දැන් කොහොමද මගේ Keyboard එක....




ඔන්න එහෙනම් වැඩේ ඉවරයි...මගේ Keyboard එක ලස්සනයි නේද....මගේ Keyboard එක ඕන අය පහල ලින්ක් එකට ගිහින් ගන්නකෝ....


හරි මන් හිතනවා ඔයාලා මේ පෝස්ට් එකට කැමති වෙන් ඇති කියලා...එහෙනම් මම ගියා.......වැඩේ හොදයිනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.....

10 comments: