අපි දැන් ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නවා ඩෝ චන්ඩි නෑ
ඇන්ඩ්‍රොයිඩ් 1 කියවපු මචංල ටික දැන් ගට
දාලා ඇති නේහ්. අනිවා මචෝ උඹලා දැන් ජීනියස්
ඇන්ඩ්‍රොයිඩ් 1 කියවන්න බැරි වුණ අය පහළ
ලික්කුවෙන් ගිහින් බලන්න.
අද කියන්න යන්නේ
රූට් ගැන
(ෆේස්බුක් ලයිට් අයට පේන්නැත්නම් කියන්න)
මොකක්ද බොල මේ රූට්??
_______________
______________
සිංහල දාන්න රූට් කරන්න ඕනලු .. අන්න අරූ රූට්
කරා කියලා පෝස්ට් එකකුත් දාලා. මොකක්ද බං
ඔය රූට් කරනවා කියන්නෙ? root කියන්නේ මුල ට
නේ. මොකක්ද මුල කරන්නෙ
ඕන්න ඔහොම තමයි කොල්ලනේ මම නම් ඉස්සර
හිතුවේ. මළ පනිනවා ඔය වචනේ ඇහුණත්. දැන්
කස්ටිය මළ පන්නගන්නැතිව අහන්නකෝ මැකා රූට්
ගැන ලස්සනට කීලා දෙන්න යන්නේ මය පුතාලට.
ඔය ලොකු වචන දාලා කියන ඒවා අපිට
තේරෙන්නෑ බම්... ආ ඒකට නේ මේ මැකා ඉන්නේ.
ලොකු ලයින් නෑ අපේ. බොහොම ලේසියි ඈ..!
ඇයි අපි ඔය රූට් මඟුල කරන්නෙ?
_______________
______________________
දැන් ඔයාලා දන්න විදිහට අපි ස්මාට් ෆෝන් වලට
ඇන්ඩ්‍රොයිඩ් ගහන්න ඕන වැඩ කරන්න. කවුද ඒවට
ඇන්ඩ්‍රොයිඩ් ගහන්නේ? අපි කඩෙන් ගද්දී ගහලා
නේ තියෙන්නේ. කඩේ අයියද ගහන්නේ නෑ නෑ
මචෝ කඩේ අයියා නෙවෙයි. ෆෝන් එක හදන
කම්පැණිය. අපි කියමුකෝ සැම්සුන් කියලා. (මේකේ
දිගටම මම සැම්සුන් කාරයා තමයි පට්ට ගහන්නේ
ඈ. සැම්සුන් ආස නැත්නම් ඒ වෙනුවට කැමති නමක්
දා ගනිල්ල.) එයාලා ෆෝන් එක හදලා ඉවර වුණාම
තමයි ඇන්ඩ්‍රොයිඩ් ගහලා ලංකාවට එවන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ නොමිලේ දෙන මෙහෙයුම්
පද්ධතියක්. සැම්සුන් කොම්පැණිය සල්ලි ගන්නේ
ෆෝන් එකේ දෘඪාංග කොටස් වලට මිසක්
ඇන්ඩ්‍රොයිඩ් වලට නෙවෙයි. සැම්සුන් කොම්පැණිය
ඇන්ඩ්‍රොයිඩ් නිකන්ම ඉල්ලගන්නේ ගූගල් කම්පැණි
එකෙන්. ගූගල් කට්ටිය තමයි නොමිලේම ඇන්ඩ්‍රොයිඩ්
මෙහෙයුම් පද්ධතිය දියුණු කරන්නේ. සම්පූර්ණ
අයිතියත් එයාලට තමයි තියෙන්නේ. එයාලා ෆෝන්
කම්පැණි වලට නොමිලේ දෙනවා ඇන්ඩ්‍රොයිඩ්.
සෝනි, සැම්සුන් කාරයෝ ඒක අරන් උන්ගේ ෆෝන්
වලට දාලා අපිට එවනවා හරියට උන්ගේ වගේ
. සැම්සුන් කාරයොත් සූටි සූටි වෙනස්කම් ටිකක්
කරනවා ඇන්ඩ්‍රොයිඩ් වල. ඒ ඉතින් එයාලගෙ ෆෝන්
වලට විශේෂයක් එක් කරන්න විතරයි.
හොඳයි ළමයි. දැන් ගොඩක් දේවල් දන්නවා
ඔයාලා. කලින් කිව්වා වගේ සැම්සුන් කම්පැණිය
ඇන්ඩ්‍රොයිඩ් දානවා ෆෝන් වලට. එහෙම දාද්දී
උන් පොඩි වැඩ ටිකක් කරනවා.
1) ආපහු වෙන මෙහෙයුම් පද්ධතියක් දාන්න බැරි
වෙන්න ලොක් කරනවා (බලු වැඩ ඔව්වා )
2) ෆෝන් එක අන් රූට් කරනවා. (මේක ගැන තමයි
ඉදිරියට කතා කරන්නේ ඈ)
(තව වැඩ කරනවා එව්වා අපිට ඕන්නෑ) ඔය උන්
කරන බලු වැඩ නිසා තමයි අපිට ෆෝන් රූට් කරන්න
වෙන්නේ
ඇත්තටම සැම්සුන් කම්පැණිය ෆෝන් ලොක් කරන්නේ
හේතුවක් ඇතිව. ලොක් කරනවා කිව්වේ පාස්වර්ඩ්
දාලා අර අපි ලොක් කරනවා වගේ නෙවෙයි.
සංකීර්ණ ක්‍රමයකට. ලොක් කිරීමෙන් පස්සේ ඒ ෆෝන්
එකේ මෙහෙයුම් පද්ධතියට බලපාන අවදානම්
සහිත වැඩ මුකුත් කරන්න බෑ. මේ ෆෝන් ලොක්
නොකර එව්වා නම් අපේ තියෙන කැහිල්ලට නොදැන
අතගාන්න ගිහින් කඩා ගන්නවා. සාමාන්‍ය මිනිස්සු
පාවිච්චි කරන නිසා තමයි එයාලා ෆෝන් එකේ
ආරක්ෂාවට ලොක් කරන්නේ. ලොක් නොකර තිබිලා
වැරදීමකින් හරි සිස්ටම් ෆයිල් එකක් මැකිලා ගියොත්
ඉතිම් ෆොන් එක බල්ලන්ට ගහන්න තමයි ගන්න
වෙන්නෙ ලොක් කරන විශේෂ ක්‍රම ටිකක්
තියෙනවා ඉඩක් ලැබුණම ඉදිරියෙදි ඒවා කතා
කරමු.
මොකක්ද මේ රූට් කරනවා කියන්නෙ?
_______________
__________________________
රූට් කරනවා කියන්නේ අර සැම්සුන් කාරයා ලොක්
කරපු ඒවා අන්ලොක් කරන එක එතකොට අපිට
පුළුවන් ඌ එපා කිව්ව ඒවා කරලා ෆෝන් එක කඩා
ගන්න නෑ බොලව් එහෙම නෙවෙයි. අපිට
පුළුවන් රූට් කරාට පස්සේ මරු වැඩ කිඩ ටිකක්
කරන්න. හැබැයි පරිස්සමට. අර කලින් කිව්වා වගේ
රූට් කරාට පස්සේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම
පාලනය කරන්න ඉඩ ලැබෙනවා. නොදැන
වැරදිලා හරි මොකක් හරි කෙළ වීමේ අවධානම
තියෙනවා. ඒත් අපි ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉගෙනගන්න
නිසා බය වෙන්ට කාරි නෑ සැම්සුන් කාරයා අපි
ඌ ලොක් කරපු ඒවා අන්ලොක් කරපු ගමන් උගෙ
වොරන්ටි නැති කරනවා ඊට පස්සේ අපි මොනා
කරගත්තත් ඌ වග කියන්නෑ. ඒත් මචෝ අපි කට්ටයි
නෙ අපිට පුළුවන් ඕන නම් අන් රූට් කරලා මුකුත්
නොකර බබා වගේ ආපහු සැම්සුන් කාරයට ගිහින්
දෙන්න ඒ ආතල් පසුවට.
No comments:
Post a Comment