ඉතින් කොහොමද යාලුවනේ...අද මම අරන් ආවා සුපිරිම වැඩක්...ඔයාලාත් කැමතිනේ ඉතින් සුපර් මෑන්ලා වගේ සුපිරි වැඩ කරන්න...(ඔව් ඔව් ඉතින් හැමෝම දන්නවනේ සුපිරි වැඩ දෙන්නේ Android පිස්සා blog එකෙන් කියලා)...මේ දවස්වල අපේ blog එක ටිකක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔයාලගේ උදවු නිසා...ඒකට මම ඔයාලට ස්තූති කරනවා..ඔයාලා මේ Blog එකට ඇවිත් යමක් ඉගෙනගෙන ගියානන් අපිට ඒ ඇති....මම මේ blog එක හැදුවෙත් Android ගැන දන් නැති අයට ඉගෙනගන්න...මේකෙන් ඔයාලාගේ දැනුමත් වැඩි වෙනවා . ඒ වගේම මගේ දැනුමත් වැඩි වෙනවා...හරි හරි කතා කරා ඇති අපි දැන් වැඩේට බහිමුකෝ.....
මේ වැඩෙන් අපිට පුලුවන් අපි ෆෝන් එකට install කරන ඇප් එකක් system app එකක් කරන්න...මේක ගොඩක් වැදගත් වෙන්නේ phone memory එක අඩු අයට..මොකද කොච්චර ඇප් SD card එකට move කරාට ඒකෙන් කොටසක් හරි phone meory එකට යනවනේ...මේකෙන් පුලුවන් අපිට ඔන කරන App ටික system app ඇප් කරන්න....දැන් මෙහෙමනේ phone memory එකේ කොටස් 3ක් තියනවා system , phone , storage0 කියලා. අපි install කරන ඇප් යන්නේ storage0 කියන එකට....අපි දැන් App එකක් system app එකක් කරොත් ඒ App එක storage0 එකෙන් system එකට යනවා...එතකොට storage0 එකට තව ඉඩ එනවා...ඒක නිසා තමයි මම කිවුවෙ phone memory එක අඩු අයට මේක වැදගත් කියලා...App එකක් system app එකක් කරහම ඒ ඇප් එක phone එක reset කරත් නැතිවෙන් නෑ...මොකද ඒක තියෙන්නේ system එකේනේ...reset කරනකොට formate වෙන්නේ "phone" එකයි "storage0" එකයි විතරයි...ඒක නිසා system app unstall කටන්න බෑ..බය වෙන්න එපා අපිට මේ වැඩේ කරන app එකෙන්ම ඕන්නම් system app unstall කරන්න පුලුවන්...
අපිට මේ වැඩේ කරන්න ගොඩක් ලේසියි. මේ වැඩේ කරන්න කට්ටිය බයවෙන්න එපා ෆෝන් එකට හානියක් වෙන් නෑ...හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් ෆෝන් එක Root කරලා තියන අයට විතරයි..ඔයාලා ෆෝන් එක Root කරලා නැත්තම් මේ වැඩේ කරන්න බෑ...Root කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් phone එක root කරගෙන එන්න....
හරි මම හිතනවා ඔයාලා ෆෝන් එක සාර්තකව Root කරගෙන ඇති කියලා..අපිට මේ වැඩේ කරන්න වෙනම App එකක් ඕන වෙනවා..ඒ ඇප් එක පහල ලින්ක් එකෙන් බාගෙන එන්නකෝ...
හරි ඇප් එක බාගත්‍තනම් install කරගන්නකෝ..හරි දැන් අපි වැඩේ කරන්න පටන්ගමු...
මුලින්ම Link 2SD app එක open කරගන්නකො..
හරි අපිට system app එකක් කරන්න ඕන ඇප් එක අනිවාරෙන් phone memory එකට move කරගන්න ඕනේ...සමහර අය app ඔක්කෝම phone memory එකට move කරගෙන ඉන්නේ. ඒ අයට නම් move කරන්න දෙයක් නෑ....phone memory එකට move කරලා නැති අය පහල දාන විදියට phone එකට move කරගන්නකෝ....
දැන් පහල දාලා තියන විදියට "T" අකුර වගේ එකට යන්නකෝ...
ඒකට ගියාට පස්සේ පහලට ලිස්ට් එකක් එයි..එතනින් on SD card කියන එක selet කරන්න...
දැන් ඔයාලට system app එකක් කරන්න ඕන ඇප් එකට යන්න....(මමනම් තෝරගත්තේ Night Mode app එක.. ඔයාලට කැමති ඇප් එකක් ගන්න පුලුවන්. Game එකක් උනත් පුලුවන්),,,
දැන් Move to Phone යන්න....
Move වෙලා ඉවර උනාට පස්සේ OK කරන්න...
ඔන්න දැන් තමයි වැඩේ පටන්ගන්න යන්නේ..
ඊට පස්සේ ආපහු අර "T" අකුර වගේ එකට යන්න....
දැන් on internal කියන එක selet කරන්න....
දැන් ඔයාලා system app කරන්න යන ඇප් එකට යන්න..
ඊට පස්සේ Actions යන්න.....
දැන් convert to system app යන්න........
දැන් OK කරන්න...ඊට පස්සෙ ටික වෙලාවක් load වෙයි....
Load වෙලා ඉවර උනාට පස්සේ පහල දාලා තියන photo එකේ වගේ -Reboot devive- කියලා අවිල්ලනම් phone එක Reboot කරලා බලන්න..වැඩේ ගොඩ.....
ඔන්න එහෙනම් ඇප් එකක් system app එකක් කරා....දැන් වැඩේ ඉවරයිනේ මම ගියා.....
No comments:
Post a Comment