සියල්ල

Monday, October 12, 2015

Phone Memory එක මදිවෙලා Game ගහන්න බැරුව ලතවුන කාලෙ ඉවරයි...


මචන්ලා අදත් මම ගෙනාවා සුපිරිම සුපිරි වැඩක්...මේක අපේ අයට ගොඩක් ප්රෝජනයක් වෙයි කියලා මම හිතනවා...මේ වගේ වැඩ ඉතින් අපේ blog එකෙන්ම තමයි ලැබෙන්නේ...අපේ Game ගහන අයි‍යලාටනම් මේක ගොඩක් හොද වැඩක්...හරි කතාකරා ඇති දැන් අපි වැඩේ මොකක්ද කියලා බලමුකෝ...

ගොඩක් අය නම් දැනටමත් දන්නව ඇති මේ ගැන. දන්න අය විතරක් නෙවෙයිනේ නොදන්න අයත් ගොඩක් ඉන්නවනේ..නොදන්න අයට පොඩි පැහැදිලි කිරිමක් කරන්නම්කො.

දැන් Phone වල Internal Storage එක කොටස් තුනකට බෙදෙනවනෙ System,Phone,Sdcard 0 කියලා.
එතකොට External Storage (Chip) එක Sdcard 1.
මෙන්න මෙ වෙලාවට අපිට App move කරන්න පුලුවන් Phone Memory එකයි Sdcard 0 කියන එකයි අතර විතරයි.
මල මගුලයි Sdcard 0 එක පිරුනම තව App Install කරන්න බෑනේ.ලොකුවටම Game ගහන අයට තමා අව්ල.මොකද හොද  ගේමක් 1.5 වත් වෙනවනේ. ඒක නිසා මේක phone memory එකමදි වෙලා Game ගහන්න බැරුව ඉන්න අයියලාටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා....

අපිට මේකට නියම විසදුමක් තියනවා. (ඔව් ඔව් අපේ blog එකෙන් විතරයි මේ වගේ වැඩ දෙන්නේ)....හැබැයි පොඩි අවුලක් තියනවා... මේ වැඩේ කරන්න පුලුවන් Root කරපු ෆෝන් වලට විතරයි...Root කරලා නැත්තම් බෑ...
ඔයාගෙ phone එක root කරලා නැත්තම් පහල තියන ලින්ක් එකට ගිහින් Root කරගෙන එන්නකෝ...


මම හිතනවා ඔයාලා සාර්තකව root කරගන්න ඇති කියලා...
දැන් අපිට මේ වැඩේ කරගන්න වෙනම App එකක් ඕනේ ඒකතමයි Root Browser. මේ ඇප් එක පහල ලින්ක් එකට ගිහින් බාගෙන . Install කරගෙන වරෙල්ලකෝ...


හරි දැන් ඔයාල root browser එක දාගත්තනම් වැඩේ පටන්ගමු..


01. Root Browser එක Open කරලා මෙන්න මේ System කියන එක Open කරන්නකෝ.

02. දැන් etc කියන එක open කරන්න.

03. දැන් vold.fstab කියන එක පොඩි වෙලාවක් Touch කරන් ඉන්න.

04. Open With කියන එක Open කරන්න.
       (මෙතනින් එහාට ඔයාලා පවිච්චි කරන Browser එක අනුව මේක වෙනස් වෙයි කොල්ලනේ.)

05, open as යන්න......

06. දැන් Text file යන්න......

07. ඊට පස්සෙ RB Text Editor යන්න.....

08. දැන් කලු පාටට පෙන්නලා තියන එකේ...
*sdcard0 කියන එක sdcard1 කරන්න...
*sdcard1 කියන එක sdcard0 කරන්න...

09. මෙන්න මේ වගේ (මේක රතු පාට කලේ ඔයාලට  කියල දෙන්න හොදේ)
      දැන් size කියන එකට වම් පැත්තෙ එක ඔබලා Save කරගන්නකෝ.

10. vold.fstab කියන එක පොඩි වෙලාවක් ඔබන් ඉදලා. එන Window එකේ Permission කියන එක තෝරලා මෙන්න මෙහෙම Tick ටික දාලා Ok කරලා Reboot කරන්න.

මෙන්න ඕක කරන්න කලින් මගෙ storage එක...

මෙන්න ඕක කරට පස්සෙ මගේ storage එක...

හරි දැන් වැඩේ ගොඩ කියල මම හිතනවා..දැන් ඕන ගේම් එකක් ගහන්න පුලුවන්නේ..වැඩේ ගොඩනම් comment එකකුත් දාගෙන යන්නකෝ...
ඔන්න මම ගියා"""

6 comments:

  1. Meka harigye ne neh 8 step eke indan..lg d325 ekata.eke tyna wdiyta sdcard0 kyla word ekak ne neh e file eke

    ReplyDelete
  2. Meka harigye ne neh 8 step eke indan..lg d325 ekata.eke tyna wdiyta sdcard0 kyla word ekak ne neh e file eke

    ReplyDelete
  3. Ayeth Kalin tibuna vidiyata hadagannath puluwanda.?

    ReplyDelete
  4. මචන් rooට් කරනැතුව phone eken mokuthma karanda barida bn....

    ReplyDelete
  5. Ki ban na na vold.tstab kiyana aka kohawakkat na kohomada uba akat awa

    ReplyDelete